දේශබන්දුට එරෙහි පැමිණිල්ලට අධිකරණයේ දී සිදු වූ දේ..

Sri Lanka Police Galle Face Protest Sri Lanka SL Protest
By Sewvandhi Dec 02, 2022 03:06 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද දින(2) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව තිබූ පැමිණිල්ලක් නිෂ්ප්‍රභා කරනු ලැබුවා.

එනම්, අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොරදී සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව මට දේශබන්දු තෙන්නකෝන් මහතාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි එම පුද්ගලික පැමිණිල්ල සිදුකර තිබුණේ.

පැමිණීල්ල සනාථ කිරීමට තරම් කරුණු අධිකරණයට ඉදිරිපත් නොකිරීම හේතුවෙන් වගඋත්තරකරුට එරෙහිව මෙම නඩුව පවත්වාගෙන හා නොහැකි බවට තීරණය කළ මහේස්ත්‍රාත්වරයා මෙම පුද්ගලික පැමිණීල්ල එසේ නිශ්ප්‍රභ කළේය.

අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති “මයිනා ගෝ ගම” දී පහර කා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර සිටි සෙයිඩ් මොහොමඩ් නියාස් මව්ලානා නමැති ව්‍යාපාරිකයෙකු වන නීතීඥ අචලා සෙනවිරත්න මෙනවිය මඟින් මෙම පෞද්ගලික පැමිණිල්ල ඉකුත් මැයි මස 11 වැනිදා අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

තමා ඉකුත් මැයි මස 9 වැනිදා මයිනා ගෝ ගම දී සිදුවූ සිද්ධියේදී දරුණු ලෙස පහර කෑමට ලක්ව තුවාල ලබා රෝහල් ගත කළ බවත් බස්නාහිර පළාත භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය රාජකාරී නිසි අයුරින් ඉටු කළේ නම් තමන් එලෙස පහර කෑමට වෙනස් නොවනු ඇති බවත් පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් ඉදිරිපත් කර තිබිණ .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now