දේශබන්දු පාර්ලිමේන්තු කමිටුවට
සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සහ පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි පවසන විෂමාචාර පිළිබඳව විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව, පසු ගිය සති කිහිපය තුළදී පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්වී මූලික විමර්ශන සිදු කිරීමෙන් පසු ලබන 19 වැනිදා සිට පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත.
ඒ අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලබන 19 වැනිදා කමිටුව හමුවේ පෙනී සිටින ලෙස එම කමිටුව විසින් පසුගියදා නොතීසියක් මඟින් දැනුම් දී තිබෙනවා.
අඳාළ නොතීසියෙ සඳහන් පරිදි දේශබන්දු මහතා පළමු වරට එදින කමිටුව හමුවේ පැවැත්වීමට නියමිත පරීක්ෂණ කටයුතු සඳහා පෙනී සිටීමට නියමිත බව වාර්තා වේ.
අඳාළ කමිටුව පාර්ලිමේන්තුවේදී රැස් වී පරීක්ෂණ කටයුතු පැවැත්වීම පිළිබඳව වැඩිදුරටත් කරුණු සාකච්ඡා කිරීම සිදු කර ඇති බව සඳහන්.
ඒ අනුව ලබන 19 වැනිදා පස්වරු 2 ට පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 8 හිදී විමර්ශන කමිටුව රැස්වීමට නියමිත ඇති බව වාර්තා වේ.
