ඩුබායි සිට පිටුවහල් කළ ‘කයිවාරු මුතූ’ට පැය 72ක රැඳවුම් නියෝග

Report

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු අත්අඩංගුවට ගත් මනෝජ් මුතුකුමාර හෙවත් ‘කයිවාරු මුතූ’ නමැති 30 හැවිරිදි සැකකරු සම්බන්ධයෙන් පැය 72ක රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.

අද (06) ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් කඩුවෙල, කොරතොට උතුර ප්‍රදේශයේ පදිංචි මොහුව, වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වෙත භාරදෙන ලදී.

මෙම සැකකරුට එරෙහිව බරපතල අපරාධ චෝදනා රැසක් එල්ල වී ඇති අතර, 2013 වසරේදී අතුරුගිරිය ප්‍රදේශයේදී බාලවයස්කාර දැරියක ස්ත්‍රී දූෂණය කිරීම, 2026 වසරේදී මීගහවත්ත දෙල්ගොඩදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීම සහ 2024 වසරේදී නවගමුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් තුන්අදහේනදී වෙඩි තබා ඝාතනය කිරීම ඊට ඇතුළත් වේ.

මේ පාසල් සඳහා ලබන සඳුදා විශේෂ නිවාඩුවක් - ඒ වෙනුවට 14 සෙනසුරාදා පාසල් පැවැත්වීමට තීරණයක්

මේ පාසල් සඳහා ලබන සඳුදා විශේෂ නිවාඩුවක් - ඒ වෙනුවට 14 සෙනසුරාදා පාසල් පැවැත්වීමට තීරණයක්

ඊට අමතරව 2024 වසරේදී නවගමුව ව්‍යාපාරික ස්ථානයකට වෙඩි තැබීම, කොරතොට ව්‍යාපාරික නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම මෙන්ම දුරකථන ඔස්සේ මරණ තර්ජන එල්ල කිරීම යන චෝදනා ද ඔහුට එරෙහිව ගොනු කර ඇත.

මෙම චෝදනාවලට අදාළව සැකකරුට එරෙහිව කඩුවෙල සහ හෝමාගම අධිකරණවල නඩු විභාග වෙමින් පවතින බවද අනාවරණය වී තිබේ. ඒ අනුව ලබාගත් පැය 72ක රැඳවුම් නියෝග මත බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය මඟින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

දුම්රියේ ගමන් කරන සියලුම දෙනාට විශේෂ නිවේදනයක් - දුම්රිය සංඥා පද්ධතියේ බිඳ වැටී දුම්රිය ප්‍රමාධයක්

දුම්රියේ ගමන් කරන සියලුම දෙනාට විශේෂ නිවේදනයක් - දුම්රිය සංඥා පද්ධතියේ බිඳ වැටී දුම්රිය ප්‍රමාධයක්