අන්තර් මෝසම සක්‍රීය වේ - දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි කොළඹට මිලිමීටර 129ක වැසි
අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය සක්‍රීය වීමත් සමඟ අද (06) පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ රැසකට තද වර්ෂාපතනයක් ඇදහැළුණු අතර, කොළඹට මිලිමීටර 129ක, මතුගමට මිලිමීටර 95ක සහ බදුරලියට මිලිමීටර් 84ක ආදී ලෙස ඉහළ වර්ෂාපතනයන් වාර්තා වී තිබේ.
මෙම අධික වර්ෂාවත් සමඟ ප්‍රදේශ රැසක ජල ගැලීම් හටගෙන ඇති අතර කොළඹ ඇතුළු ප්‍රධාන මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් ද නිර්මාණය විය.
ඒ අනුව කොල්ලුපිටිය සිට ගාලු පාර දක්වා වූ ප්‍රදේශ මෙන්ම බොරැල්ල, මරදාන, ආමර් වීදිය සහ අධිවේගී මාර්ග පිවිසුම් අසල ද දැඩි වාහන තදබදයක් පැවැති බව වාර්තා වේ.
එමෙන්ම අධික වැසි හේතුවෙන් නාවලපිටිය නගරය ද ජලයෙන් යටවී ඇති අතර නාවලපිටිය බස්නැවතුම්පොළ, නාවලපිටිය - මහනුවර ප්‍රධාන මාර්ගය ඇතුළුව නගරයේ සිට කිලෝමීටරයක පමණ ප්‍රදේශයක් ජලයෙන් යටවී තිබේ.
මේ අතර කොළඹට ඇදහැළුණු අධික වර්ෂාව නිසා කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ බිඳවැටීමක් සිදුවූ අතර, ඒ හේතුවෙන් සියලුම මාර්ගවල දුම්රිය ධාවනය ද ප්‍රමාද විය.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ හැකි සෑම විටම අවධානයෙන් කටයුතු කරන ලෙසත්, විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම ඉදිරියටත් පවතින වැසි සහිත තත්ත්වයත් සමඟ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.