මහ බැංකුවෙන් මුළු ලංකාවටම සුබම සුබ ආරංචියක් - මේ වත්කම් ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවා යයි
2026 ඔක්තෝබර් මාසය අවසානයේදී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම යළිත් වරක් එක්සත් ජනපද ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවා ගොස් තිබේ.
මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2026 ඔක්තෝබර් මාසය අවසන් වන විට මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 7,086ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙය 2026 සැප්තැම්බර් මාසය අවසානයේදී වාර්තා වූ ඩොලර් මිලියන 6,867ක සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේදී 3.2%ක සැලකිය යුතු වර්ධනයකි.