ඇදහැලුණු අධික වර්ෂාවෙන් කොළඹ යට වේ - දැඩි රථවාහන තදබදයක්
By Mithu
දිවයින පුරා අද (06) පස්වරුවේ දැඩි වර්ෂාපතනයක් පතිත වූ අතර, ඉන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයක මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබේ.
ඒ අනුව බොරැල්ල, මරදාන සහ ආමර් වීදිය ඇතුළු කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග කිහිපයකම දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ මාර්ගවල ජලය පිරීම හේතුවෙන් වාහන ධාවනය කිරීම දුෂ්කර වී ඇති බවද වාර්තා වේ.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ හැකි සෑම විටම අවධානයෙන් කටයුතු කරන ලෙසත්, ගමනාගමනයේදී හැකි තාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.