සංචාරක ව්‍යාපාරිකයන්ට හදිසි අනතුරු ඇඟවීමක් - ලියාපදිංචිය නැත්නම් නීතිය තදින්ම
වලංගු බලපත්‍රයක් සහ නිසි ලියාපදිංචියක් නොමැතිව සංචාරක ව්‍යාපාර පවත්වාගෙන යන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) අනතුරු අඟවා තිබේ.
2005 අංක 38 දරන සංචාරක පනතේ විධිවිධාන අනුව, මෙරට සංචාරක ක්ෂේත්‍රයට අදාළ ව්‍යාපාර පවත්වාගෙන යන සියලුම පාර්ශ්වයන් අදාළ ආයතන යටතේ ලියාපදිංචි වී වලංගු බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය බව එම අධිකාරිය සිහිපත් කර දෙයි.
ඒ අනුව, නීත්‍යානුකූල ලියාපදිංචියකින් සහ වලංගු බලපත්‍රයකින් තොරව සංචාරක ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාම නීති විරෝධී ක්‍රියාවක් ලෙස සැලකෙන බව ද අධිකාරිය පෙන්වා දෙයි.
එවැනි ව්‍යාපාර පවත්වාගෙන යන පුද්ගලයන්ට එරෙහිව පවතින නීතිමය ප්‍රතිපාදන යටතේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ හැකි බව ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීමට හෝ අවශ්‍ය උපදෙස් ලබාගැනීමට 1912 ක්ෂණික දුරකථන අංකය ඇමතීමට හැකි අතර, www.sltda.gov.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ද වැඩි විස්තර ලබාගත හැකිය.
සංචාරක ක්ෂේත්‍රයේ නීත්‍යානුකූලභාවය සහ ප්‍රමිතිය පවත්වාගෙන යාම වෙනුවෙන් අදාළ ලියාපදිංචි හා බලපත්‍ර අවශ්‍යතා සපුරාලන ලෙස සියලුම සංචාරක ව්‍යාපාරිකයන්ගෙන් අධිකාරිය ඉල්ලා සිටියි.