බන්ධනාගාර තදබදය අවම කිරීමට විශේෂ නිරීක්ෂණ චාරිකාවක්

Report

බන්ධනාගාර රැඳවියන්ගේ අධික තදබදය අවම කිරීම ඇතුළු කරුණු කිහිපයක් විමර්ශනය කිරීම සඳහා රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු අද (06) බන්ධනාගාර පරිශ්‍ර කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.

ඒ අනුව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, නව මැගසින් බන්ධනාගාරය, කාන්තා බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාරය සහ බන්ධනාගාර රෝහල යන පරිශ්‍ර මෙලෙස නිරීක්ෂණයට ලක් විය.

දුම්රියේ ගමන් කරන සියලුම දෙනාට විශේෂ නිවේදනයක් - දුම්රිය සංඥා පද්ධතියේ බිඳ වැටී දුම්රිය ප්‍රමාධයක්

දුම්රියේ ගමන් කරන සියලුම දෙනාට විශේෂ නිවේදනයක් - දුම්රිය සංඥා පද්ධතියේ බිඳ වැටී දුම්රිය ප්‍රමාධයක්

මෙහිදී බන්ධනාගාර තදබදය, මුළුතැන්ගෙයි කටයුතු, රෝහල් පහසුකම්, ගොඩනැගිලිවල තත්ත්වය, අපජල බැහැර කිරීමේ පද්ධති මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ගේ පහසුකම් සහ ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳවද විශේෂ අවධානය යොමු කෙරිණි.

මේ පාසල් සඳහා ලබන සඳුදා විශේෂ නිවාඩුවක් - ඒ වෙනුවට 14 සෙනසුරාදා පාසල් පැවැත්වීමට තීරණයක්

මේ පාසල් සඳහා ලබන සඳුදා විශේෂ නිවාඩුවක් - ඒ වෙනුවට 14 සෙනසුරාදා පාසල් පැවැත්වීමට තීරණයක්

රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබුර් රහුමාන්, නීතිඥ තුෂාරි ජයසිංහ, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.