අධිකරණයට අපහාස කළැයි පොලිස්පතිට චෝදනා කළ ගම්පහ මහේස්ත්‍රාත්වරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථන මාරුවක්
අධිකරණය දෙනු ලැබූ නියෝග ඉටු නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණය හෑල්ලුවට ලක් කර ඇති බවට තීරණය කරමින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට එරෙහිව චෝදනා ගොනු කරන මෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කළ, ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය වෙත මාරු කර ඇති බව වාර්තා වේ.
මෙම ස්ථානමාරු කිරීම සම්බන්ධයෙන් අදාළ ලිපිය නිකුත් කර ඇත්තේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් විසින් බව සඳහන්.
අහිංසක රටවැසියන්ට එරෙහිව නිස්සාරණ නඩු පැවරීමක් නොකරන මෙන් සමස්ත පොලිස් නිලධාරීන් ම ආවරණය වන ආකාරයට චක්‍ර ලේඛයක් නිකුත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා මීට පෙර පොලිස්පතිවරයාට නියම කර තිබුණා.
ප්‍රවාහන, විදුලිය සහ සන්නිවේදන සේවාවලට බාධා.. හෙට පාන්දර 1 දක්වා දිවයිනට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීමක්
එහෙත් ඒ අනුව පොලිස්පතිවරයා විසින් කටයුතු නොකිරීම නිසා ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ කටයුතු කරන ලෙස අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණු බව මීට පෙර වාර්තා විය.
මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් ගම්පහ මහේස්ත්‍රාත්වරයාට එරෙහිව අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන අතර එම පැමිණිල්ලට අදාළ නිරීක්ෂණයක් නම් කර ඉදිරිපත් කරන ලෙස අධිකරණ සේවා කොමිසම විසින් මහේස්ත්‍රාත්වරයාට දැනුම් දී ඇති බව සඳහන්.
එබැවින් මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුව වහාම ක්‍රියාත්මක වන ලෙස විනිසුරුවරුන් පූහුණු කිරීමේ ආයතනය වෙත ස්ථාන මාරු කර ඇති බව වාර්තා වේ.