නාමල් රාජපක්ෂගේ අත් අකුරු ඇතුළත් ලේඛනයක් පරීක්ෂා කිරීමට යයි - මතභේදාත්මක ක්‍රිෂ් නඩුව ගැන රටම හොයපු විස්තරේ මෙන්න
මතභේදාත්මක ක්‍රිෂ් දේපළ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයේ කොටසක් වශයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ අත් අකුරු ඇතුළත් ලේඛනයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත පරීක්ෂා කිරීමට යොමු කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම නඩුව අද (06) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී අනාවරණය වී ඇත.
මෙහිදී ක්‍රිෂ් නඩුවේදී ඇප ලබා සිටිය ද අනෙකුත් නීතිමය කටයුතු සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරයේ සිටින රාජපක්ෂ සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
එහිදී අල්ලස් කොමිසම නියෝජනය කරන සහකාර අධ්‍යක්ෂවරයෙකු අධිකරණයට දන්වා ඇත්තේ කොළඹ ප්‍රාදේශීය ලේකම්වරයා සහ හිටපු ඉඩම් කොමසාරිස්වරයෙකු ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් දැනටමත් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවයි.
එමෙන්ම විමර්ශකයින් අදහස් කරන්නේ කොළඹ කොටුවේ ට්‍රාන්ස්වර්ක්ස් චතුරශ්‍රයේ ඉඩම ඉන්දියානු සමාගමක් වන ක්‍රිෂ් වෙත පැවරීම සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමටයි.
එසේම රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් රාජපක්ෂ මහතාගේ අත් අකුරු ඇතුළත් මුල් ලේඛනය විභාගය පැවැත්වීම වෙනුවෙන් ඉල්ලා ඇති බව කොමිසම අධිකරණයට දැනුම් දුන් බව සඳහන්.
මුල් ලේඛනය දැනට කොළඹ මහාධිකරණ අංක 7 ඉදිරියේ නඩු ගොනුවක තබා තිබෙනවා.
මේ වන්දි මුදල රුපියල් ලක්ෂ 5 දක්වා වැඩි කරයි - රට පුරා පොලිස් ස්ථාන සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් අයදුම්පත්
මේ අතර අල්ලස් කොමිසම විසින් එම ලේඛනය පරීක්ෂා කිරීම සඳහා නිකුත් කරන ලෙස මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කරන ලෙස ඉල්ලා සිටි බව සඳහන්.
කෙසේ වුවත් අඳාළ ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කරන ලද වැඩිදුර වාර්තාවේ ඇතුළත් කර නොමැති බව නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරයා, නිසි ලෙස ලේඛනගත කරන ලද අයදුම්පතක් ඉදිරිපත් කරන ලෙස කොමිසමට නියෝග කර ඇත.
ඒ අනුව නොවැම්බර් 20 වන දින අල්ලස් කොමිසමේ විමර්ශනයේ ප්‍රගතිය වාර්තා කරන ලෙස අධිකරණය නියෝග කළ අතර නඩුව එම දිනයටම නියම කරන ලදි. මේ අතර ජානකී සිරිවර්ධන එතෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ප්‍රවාහන, විදුලිය සහ සන්නිවේදන සේවාවලට බාධා.. හෙට පාන්දර 1 දක්වා දිවයිනට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීමක්
මෙම විමර්ශනයට යෝජිත මිශ්‍ර-භාවිත සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ට්‍රාන්ස්වර්ක්ස් චතුරශ්‍රයේ ඉඩම ඉන්දියානු සමාගමක් වන ක්‍රිෂ් වෙත පැවරීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 70 ක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධ චෝදනා අදාළ වේ.
එසේම අල්ලස් ලබා ගැනීම සහ චෝදනාවට ලක් වූ වරදට ආධාර කිරීම සහ අනුබල දීම යන චෝදනා මත රාජපක්ෂ සහ සිරිවර්ධන මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා.