ටෝකන් ක්‍රමයට ගෑස්.. දීපාවලි පැත්තක තියලා ජනතාව ගෑස් පෝලිම්වල - මේ පාරිභෝගිකයන්ට ප්‍රමුඛතාවය දෙන බවට චෝදනා
දින කිහිපයකට පසු බගවන්තලාව නගරයේ ලිට්රෝ ගෑස් අලෙවි නියෝජිතයන්ට ලිට්රෝ සමාගම විසින් අද (06) දින ගෑස් තොග නිකුත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ලිට්රෝ ගෑස් පාරිභෝගිකයා විසින් ගෑස් අලෙවි නියෝජිතයාට මුදල් සහ හිස් ගෑස් සිලින්ඩරය කලින් ලබා දී තිබූ බවත්, එසේ මුදල් සහ ගෑස් සිලින්ඩර් ලබා දුන් පාරිභෝගිකයන්ට ප්‍රමුඛතාවය ලබා දී ගෑස් සිලින්ඩර් අද (06) දින බගවන්තලාව අලෙවි නියෝජිතයා නිකුත් කළ බවත් ගෑස් සිලින්ඩර් ලබා ගැනීමට පැමිණි පාරිභෝගිකයන් පවසන බව සඳහන්.
ප්‍රවාහන, විදුලිය සහ සන්නිවේදන සේවාවලට බාධා.. හෙට පාන්දර 1 දක්වා දිවයිනට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීමක්
එමෙන්ම එම අලෙවි නියෝජිතයාට සමාගම මඟින් සිමිත ගෑස් සිලින්ඩර් ප්‍රමාණයක් පමණක් ලබා දී ඇති බවත්, එම අලෙවි නියෝජිතයන්ට ගෑස් තොග ලබා දෙන අවස්ථාවේ ගෑස් සිලින්ඩර් ලබා ගැනීමට පාරිභෝගිකයන් අලෙවි නියෝජිත වෙළදසැල් ඉදිරිපිට පෝලිමේ රැදි සිටි බවත් වාර්තා වේ.