මාර්ගයකට පස් කන්දක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා..
Sri Lanka
Climate Change
Landslide In Sri Lanka
Weather
By Sewvandhi
දෙණියාය විහාරහේන මාර්ගයේ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
අද (29) උදෑසන දෙණියාය මූලික රෝහල ආසන්නයේ සිදු වූ මෙම නායයෑම හේතුවෙන් මාර්ගය එම ස්ථානයෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව පොලීසිය පවසයි.
මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු කොටපොළ ප්‍රාදේශීය සභාවේ මැදිහත්වීමෙන් ආරම්භ කෙරුණ ද තවදුරටත් පස් කඳු නායයෑමේ අවදානමක් නිරීක්ෂණය වීම හේතුවෙන් එම කටයුතු තාවකාලික ව නතර කර තිබෙන බව ද සඳහන්ය.
මේ අතර මෙම අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් පවුල් 04ක පදිංචිකරුවන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් දෙණියාය - විහාරහේන මාර්ගය භාවිත කරන පුද්ගලයන්ට විකල්ප මාර්ග සඳහා යොමු වන ලෙස ආපදා කළමණාකරණ නිලධාරීන් දැනුම් දී ඇත.
