“දින දෙකකට" වැඩිය මේ රෝග ලක්ෂණ තියේ නම් වහාම වෛද්‍ය උපදෙස් ගන්න..රෝගීන් මියයාමේ වැඩි අවදානමක්..(VIDEO)

Corona Sri Lanka Colombo Dengue fever
By Aruna Aug 05, 2021 02:22 AM GMT
Aruna

Aruna

Report

දින දෙකකට වැඩි කාලයක් උණ රෝගයක් පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගතයුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

ඩෙංගු රෝගය හේතුවෙන් රෝගීන් මියයාමේ වැඩි අවදානමක් මේ දිනවල මතුව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මැයි සිට සැප්තැම්බර් දක්වා ඩෙංගු රෝගය ඉස්මතුවීම සාමාන්‍යයෙන් බලාපොරොත්තු වන දෙයක් බවයි වෛද්‍යවරයා පැවසුවේ.

එමෙන්ම මීටරේ දුර තියාගෙන කොවිඩ් ලෙස මෙම ඩෙංගු රෝගයෙන් බේරිය නොහැකි බවත්, ඊට වඩා වේගයෙන් පැතිරෙන්න ඉඩ තිබෙන බවත් ඔහු සඳහන් කළා.

මේ හේතුවෙන් ඩෙංගු තත්ත්වය වළක්වාගන්න සියලු කටයුතු සිදු කරන ලෙසත්, දින දෙකකට වඩා උණ පවතී නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම ඉතාමත් වැදගත් සහ සනීප වනතුරු බලාගෙන නොසිටින ලෙසත් වෛද්‍යවරයා අවධාරණය කළා.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now