ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගීන් ඉහළට
By Hashini
මේ වනවිට පැතිරයමින් පවතින ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කාර්යාසාධක බළකායක් පත්කර ඇති බව බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් එල්. ඒ. කළුකපුආරච්චි පවසනවා.
දිවයිනේ වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාවෙන් සියයට 50කට අධික පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා බව බවයි ඔහු පවසන්නේ.
මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 17,000ක පිරිසක් වාර්තාවී ඇති බවද කොළඹ මහනගර සභාව පවසනවා.
එහි ප්‍රධාන සෞඛය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ගීතිකා රත්නවර්ධන මහත්මිය සඳහන් කළේ එම සංඛ්‍යාවෙන් 1,800 ක ප්‍රමාණයක් කොළඹ නගර සභා බලප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවයි.
ඩෙංගු අවදානම සහිත නිවාස 70,000ක් පරීක්ෂ කර ඇති අතර නිවාස 471කට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවය ද එතුමිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.