පොලිස් අත්අඩංගුවේ සිටි තවත් තරුණයෙක් මරුට
By Hashini
කොස්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් තරුණයෙකු ඇතිවූ හදිසි අසනීපයක් හේතුවෙන් බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම තරුණයා අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිට ඇති අතර ඔහු පසුගියදා (01) පස්වරුවේ මත්ද්‍රව්‍ය සිද්ධියකට අදාළවයි අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
පොලීසිය විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් අදාළ තරුණයා මිය ගිය බවයි පවුලේ ඥාතීන් පවසන්නේ.
ඇති වූ හදිසි අසනීප තත්ත්වයකින් පොලිස් සිර මැදිරිය තුළදී ක්ලාන්ත ගතිය ඇති වීම හේතුවෙන් අදාළ සැකකරු රෝහල් ගත කළ බවයි පොලීසිය සඳහන් කළේ.
රෝහල් ගත කිරීමෙන් අනතුරුව සැකකරු මිය ගොස් ඇති බවද පොලීසිය වැඩිදුරටත් කියා සිටියා.