ඩෙල්ටා වෛරසය පිළිබඳව තවත් භයානක හෙළිදරව්වක්

Sri lanka covid 19 Delta
By Sithumi Aug 13, 2021 01:53 PM GMT
Sithumi

Sithumi

Report

ලොව රටවල් 142ක් කර ව්‍යාප්ත වී ඇති ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය එක් පුද්ගලයෙකුට නැවත නැවත වැලඳීමේ සම්භාවිතාවයක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි. එම සංවිධානය පෙන්වාදෙන්නේ, මිනිස් සිරුර තුළ අසාමාන්‍ය වේගයකින් ගුණනය වීමේ හැකියාවක් ද ඩෙල්ටා ප්‍රභේදය සතුව පවතින බවය.

ඩෙල්ටා ව්‍යාප්තිය නිසා කොවිඩ් සාර්ථකව පාලනය කර සිටි චීනය තුළ නැවතත් වෛරසය හිස ඔසවමින් පවතී. එරටින් ඊයේත් ආසාදිතයින් 81 දෙනෙක් හඳුනාගත් අතර ඒ සමග එරට තවත් ප්‍රදේශ 4ක් අධි අවදානම් කලාප ලැයිස්තුවට ඇතුළත් කෙරුණි

. ඒ සමග ලොව තෙවැනියට වඩාත්ම කාර්යබහුල වරාය වන චීනයේ නින්ග්බෝ -ජෝෂාන් වරාය අර්ධ වශයෙන් වසාදැමීමටත් පියවර ගැනුණි. ආර්ථික විශේෂඥයින් පෙන්වාදෙන්නේ මේ නිසා නත්තල් සමය ඉලක්ක කරගත් සැපයුම් ප්‍රමාදවීමෙන් ගෝලීය වෙළෙදපොළ අර්බුදයකට ලක්වීමේ අවදානමක් පවතින බවය.

මේ අතර, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය අයත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් පමණක් ඊයේ ආසාදිතයින් 390ක් වාර්තාවුණේ වසංගතය ආරම්භයෙන් පසු හඳුනාගත් එරටින් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයින් වර්තකරමිනි. එරට කැන්බරා අගනුවරට පූර්ණ සංචරණ සීමා පැනවුයේ එක් ආසාදිතයෙක් වාර්තාවීම හේතුවෙනි. ඊයේත් එම නගරයෙන් ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා විය. 

මේ අතර, ජපානයෙන් මෙතෙක් වාර්තා වූ ඉහළම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ වාර්තා විය. එය 17,196කි. ඉන් 4,989ක් වන වැඩිම ආසාදිතයන් පිරිස හඳුනාගෙන තිබෙන්නේ ටෝකියෝ අගනුවරිනි. ඉන්දියාවේ ජනාකීර්ණ මුම්බායි නගරයේ පළමු "ඩෙල්ටා ප්ලස්" ආසාදිත මරණය පසුගියදා වාර්තාවී තිබුණි. එසේ මියගොස් ඇත්තේ කොවිඩ් එන්නතක මාත්‍රා දෙකම ලබාගෙන සිටි කාන්තාවකි