මෙරට අවසන් ප්‍රභේදය ඩෙල්ටා ? අවසන් වාර්ථාව?
Sri lanka
delta
beeta
covid delta
By Sewvandhi
ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන කොරෝනා ප්‍රභේදය ලෙස ඩෙල්ටා පැතිරෙමින් ඇතැයි අනුමාන කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කියා සිටියි.
එහි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙන්නේ වන රට තුළ පැතිරෙමින් ඇති ප්‍රබේදවල ව්‍යාකූලත්වයක් ඇත්තේ දැයි සොයා යලි අධ්‍යනයක් ආරම්භ කර ඇති බවයි. ජාන විශ්ලේෂණ පරීක්ෂණ සිදුකිරීමේ දී ඕනෑම ප්‍රභේදයක් හඳුනාගැනීමේ හැකියාව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි. අදාළ වාර්තාව මෙම සති අන්තය වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.
කුමන ප‍්‍රභේදය පැතිරුණද ජනතාව මූලික සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරිමෙන් ආසාදනය වීම වලක්වා ගත හැකි බවත් ඔහු පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |