දැඩි විරෝධය මැද්දේ කඩා ඉවත්කළ හෝටලය..(VIDEO)
Sri Lanka Police
Colombo
Sri Lanka Police Investigation
By Sewvandhi
අද (01) පෙරවරුවේ පොලීසිය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේතුව එක්ව, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වෙනත් අයෙකුගේ නමින් දෙහිවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය හෝටලයක් එම ස්ථානයෙන් කඩා ඉවත් කළේය.
දෙහිවල මුහුදු තීරයේ, ඩුබායීහී සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන ශිරාන් බාසික් නැමැත්තා වෙනත් අයෙකුගේ නමින් එම හෝටලය පවත්වා ගෙන ගොස් තිබුණි.
එය අනවසර ඉදිකිරීමක් ලෙස ද සැලකෙයි. යුක්තිය මෙහෙයුමට අදාළව සිදුකෙරුණු මෙම කටයුත්තට ආරක්ෂාව සැපයීම සඳහා දෙහිවල - ගල්කිස්ස කොට්ඨාසයට අයත් පොලිස් ස්ථානවල පොලිස් නිලධාරින් සහ කැරලි මර්දන අංශ යොදවා තිබුණි.
කෙසේ වෙතත් එම ඉදිකිරීම කඩා ඉවත්කරන අවස්ථාවේ එම හෝටලයේ සේවයේ නියුතුව සිටි නිලධාරියෙක් පොලිස් නිලධාරින්ට බාධා කිරීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.