වාහන ගැන ගත් තීරණය..

Shehan Semasinghe Sri Lanka
By krishani Mar 04, 2023 12:35 AM GMT
krishani

krishani

Report

නව ක්‍රමවේද හඳුන්වා දෙමින් මෙරට මෝටර් රථ භාවිතය විධිමත් කිරීමට අයවැයෙන් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීම ගැන අවධානය යොමු වී ඇත.

ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකදී ය.

එහිදී 2021 නොවැම්බර් මස 12 දිනට පෙර මෙරටට ආනයනය කළ සහ මෙරටදී එකළස් කරන ලද වාහන ලියාපදිංචි කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ අතර 2023 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන හා අනෙකුත් නීති සම්බන්ධයෙන් ද සාකච්ඡා විය.

එමෙන්ම මෙරට මෝටර් රථ භාවිතය, එකළස් කිරීම හා අලෙවිය සම්බන්ධයෙන් පවතින නීති රීති හේතුවෙන් මහජනතාව මුහුණ දෙන අපහසුතා පිළිබඳව ද එහිදි අවධානයට යොමු වූ අතර සංචාරකයින් මෙරටට පැමිණෙන අවස්ථාවන්හිදී ඔවුන් වෙත මෙරට මෝටර් රථ ධාවනය සඳහා අවසර ලබාදීමේ ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join