බරපතල ඉල්ලීම් හමුවේ රට ලොක්ඩව්න් කරයිද..?

covid19 isolated lockdown hospital capacity GMOA/PHI
By Sewvandhi Aug 12, 2021 12:58 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් -19 වසංගතයේ ඩෙල්ටා ප්‍රභේදය ලැව් ගින්නක් මෙන් ව්‍යාප්ත වීමට පටන් ගෙන ඇති හෙයින්, බොහෝ විශේෂඥයින් සහ සෞඛ්‍ය සේවකයින් රජයෙන් ඉල්ලා සිටින්නේ තාවකාලිකව රට ලොක්ඩව්න් කිරීම ගැන සලකා බලන ලෙසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ රජයේ ආසාදන හා මරණ සංඛ්‍යාව අනතුරුදායක ලෙස ඉහළ යාමට පටන් ගෙන ඇති හෙයින් සංචාරක සීමා පැනවීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි.

වෛද්‍යවරුන් ඇතුළු බොහෝ වෘත්තීය සමිති කියා සිටියේ සංචාරක තහනම පනවා තිබියදීත් ආසාදන සංඛ්‍යාව පාලනය කළ නොහැකි බවයි. ඒ අනුව ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වීම ඵලදායී ලෙස පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පැනවීම ගැන සලකා බලන ලෙස රජයට දැනුම් දී ඇත.

ලංකා වෛද්‍යය සභාව, රජයේ වෛද්‍යය නිලධාරීන්ගේ සංගමය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය,PHI සංගමය සහ තවත් සමහර සංගම් මෙම ඉල්ලීම කර ඇත.

මේ අතර, රෝගය පැතිරීම වැළැක්වීමට අපොහොසත් වීම රෝහල්වල ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමේ හැකියාවට අහිතකර ලෙස බලපාන බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා තිබේ. එයට හේතුව බොහෝ රෝහල් දැන් ඔවුන්ගේ උපරිම ධාරිතාවය කරා ළඟාවී ඇතැයි වාර්තා වන බැවිනි.

එමෙන්ම ඊයේ (11) දිනය තුළ ආසාදිතයින් 1890 වාරථා වු අතර සමස්ථ ආසාදිතයින් ගනණ 341,982 දක්වා ඉහළ යනවා.

ඊයේ දිනයේ ආසාදිතයින් 2,244ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය 300,406ක් දක්වා ඉහළ ගියේය.

පෙරේදා දින (10) මෙරටින් කොරෝනා ආසාදිත මරණ 124 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමත් සමඟ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරට මේ දක්වා වාර්තාවී වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 5464 දක්වා ඉහළ ගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now