එන්නත් ලබානොගත් පුද්ගලයින් ගැන බලධාරීන් ගත් තීරණය (VIDEO)

covid19 vaccination delta kaluthara prasanna janaka
By Sithumi Aug 12, 2021 11:47 AM GMT
Sithumi

Sithumi

Report

කළුතර දිස්ත්‍රික්කය තුළ එන්නත්කරණයට ලක් නොවු පුද්ගලයින් සිටින වෙළෙඳ ස්ථාන සහ ව්‍යාපාරික ස්ථාන ඉදිරියේදී වසා දැමීමට කටයුතු කරන බව කළුතර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ජනක කුමාර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ දිස්ත්‍රික් කොවිඩ් කමිටුවේ තීරණයක් අනුව එම තීරණ ගෙන ඇති බවය.

"කළුතර දිස්ත්‍රික්කය තුළ සියලුම වෙළෙඳ ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා තමුන්ගේ ළඟ සේවය කරනු ලබන සියලුම සේවක සේවිකාවන් එන්නත්කරණය සඳහා යොමු කරන්න කියලා. ඒ තුළින් රෝග ව්‍යාප්තිය වළක්වා ගැනීමට හැකියාවක් ලැබෙනවා. එන්නත්කරණයට ලක් නොවුණු පුද්ගලයින් සිටින සියලුම ව්‍යාපාරික ස්ථාන සහ වෙළෙඳ ස්ථාන අකමැත්තෙන් වුවත් ඉදිරියේදී වසා දැමීම සඳහා සෞඛ්‍ය අංශ විසින් තීරණය කරලා තියෙනවා. ඒක දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුවේ තීරණයක්."

ඉදිරි දින දෙක තුන කොළඹට එන්නත් කිරීම සඳහා ප්‍රමුඛතාවය-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now