කාලගුණය තිදරු මවකගේ දිවි අහිමි කළ සංවේදී පුවතක්..

Sri Lanka Police Sri Lanka
By krishani Oct 03, 2022 05:42 AM GMT
krishani

krishani

Report

දිඹුල - පතන පොලිස් වසමට අයත්, මවුන්ට් වර්නන් තේ වතුයායේ උඩ කොටසේ වතු නිවසක් මතට අද (03) අලුයම 05.30ට පමණ අධික වර්ෂාවත් සමග විශාල පස් කන්දක් කඩා වැටී ඇත.

එම අනතුරින් තිදරු මවක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර අදාළ කාන්තාව සිදුවීම වූ ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ රාමසාමි කාලි අම්මා නැමති 46 හැවිරිදි තිදරු මවකි.

මිය ගොස් සිටින කාන්තාව අද අලුයම නිවසේ මුළුතැන්ගෙහි තේ පිළියෙල කිරීම සඳහා සිය දියණිය සමග ගිය අවස්ථාවේ එම අනතුරට ලක්ව ඇති අතර දියණියට අනතුරක් සිදුව නොමැති බව පොලීසිය පවසයි.

අනතුරු සිදුවීමෙන් අනතුරුව පොලීසිය අසල්වාසීන් සමග එක්ව කාන්තාවගේ මළ සිරුර කොටගල ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගොස් ඇත.

ReeCha