තරුණියකගේ මළ සිරුරක් හමු වෙයි..
Sri Lanka Police
Sri Lanka
By krishani
දින දෙකකට පෙර අතුරුදන් වූ තරුණියකගේ සිරුරක් අද (04) උදෑසන මුහුදු වෙරළට ගොඩගසා තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.
බේරුවල ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි එම තරුණිය පසුගිය 02 වනදා සිට අතුරුදන් වී ඇත.
ඇයගේ දෙමව්පියන් විසින් බේරුවල පොලීසියට පැමිණිලි කර තිබූ අතර CCTV පරීක්ෂා කිරීමේ දී ඇය ප්‍රධාන මාර්ගයක් ඔස්සේ ගමන් කරන අයුරු නිරීක්ෂණය වී ඇත.
ඉන් අනතුරුව ඇය පිළිබඳ කිසිදු තොරතුරක් හමුවී නොමැති අතර ඒ අනුව අද උදෑසන ඇයගේ සිරුර බේරුවල මරදාන ලෙල්ලම ධීවර වරායට ආසන්න මුහුදේ තිබී වෙරළ ප්‍රදේශයට ගොඩගසා ඇත.
ඇයගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.කෙසේවෙතත් ඇය යම්කිසි මානසික ආබාධයකින් සිට ඇති බවට දෙමව්පියන් විසින් පොලීසියට පවසා ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |