ලංකාවම සංවේදී කරමින්, තම අලුත උපන් බිළිඳාට දෙන්න මව් කිරි නොමැති නිසා මවක් සිදු කළ දේ..
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
Death
By krishani
යාපනයේ පේදුරුතුඩුව පාරේ ආතම්පන්න ප්‍රදේශයේ කාන්තාවක් ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා.
ඒ තම අලුත උපන් බිලිඳාට දීමට මව්කිරි නැතැයි සිත්තැවුලට පත් වීම හේතුවෙන් ය.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි මවක් ය.
මෙම මව විසින් දරුවාට මව් කිරි ලබා දීමට කීප වතාවක්ම උත්සහ ගෙන තිබෙනවා.
නමුත් ඇයට කිරි එරී නොමැති බවත්, ඒ පිළිබඳව දැඩි කනස්සල්ලෙන් සිටි මෙම මව ගෙල වැළලාගෙන දිවි හානිකර ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන යාපනය පොලිසිය විසින් සිදුකරනු ලබයි.
