නොහිතපු ගාණක්?. ටැටු ෂොප් හිමිකරුගේ අමුතුම ආසාව ක්ලබ් වසන්තට හදි කළා?. අලුත්ම සාක්ෂිය එළියට..(VIDEO)
ඊයේ (08) අතුරුගිරිය මංසන්ධියේ ටැටූ ව්‍යාපාරික ස්ථානයක් තුළ සිදු වූ වෙඩි තැබීමෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත සහ තවත් අයෙකු ජීවිතක්ෂයට පත් විය.
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය සිදුවූ ටැටූ මධ්‍යස්ථානය එම ස්ථානයේ ආරම්භ කිරීම සඳහා තමන්ට 'ලොකු පැටී' නමැති අපරාධකරුගෙන් රුපියල් ලක්ෂ 16ක මුදලක් ලැබුණු බව එහි හිමිකරු පොලීසියට පාපොච්චාරණය කර තිබෙනවා.
එමෙන්ම, 'ලොකු පැටීගේ' ඉල්ලීම මත තමා ක්ලබ් වසන්තට එය විවෘත කිරීමට ඇරයුම් කළ බව ඔහු පවසා ඇත.
නමුත්, මෙම ඝාතන සැලැස්ම ගැන දැන නොසිටි බව සැකකරු සඳහන් කර තිබෙනවා.
මේ අතර, එම වෙඩි තැබීමෙන් තුවාල ලැබු ගායන ශිල්පිණී කේ. සුජීවා මහත්මියට සිදුකළ ශල්‍යකර්මයෙන් පසුව ඇය සුවය ලබමින් සිටින බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ ය.
මේ වනවිට ඇය රෝහල් වාට්ටුවක දැඩි නිරීක්ෂණය යටතේ පසු වේ.
සම්පූර්ණ විස්තරය පහතින්,
වීඩියෝ දර්ශන - Ada Derana