අකුණු සැර තරුණ ජිවිත දෙකකට ගෙනා ඛේදවාචකය - ඔබත් අවධානයෙන් පසුවන්න..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Weather
By krishani May 28, 2023 03:53 AM GMT
krishani

krishani

Report

ඊයේ (27) බුත්තල, ගෝනගංආර ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකුට අකුණු සර වැදී මිය ගොස් තිබෙනවා.

ඒ ගෝනගංආර වගුරුවෙල ප්‍රදේශයේ කුඹුරු ඉඩමක දී ය.

ඔවුන් දෙදෙනා ඊයේ පස්වරුවේ වගුරුවෙල කුඹුරු ඉඩමක වගා කරමින් සිට ඇති අතර එකවර කුඹුරට අකුණු ගසා ඇත.

එම අකුණු සර ඔවුන් දෙදෙනාට වැදී කම්පනයට පත් වී මිය ගොස් ඇති අතර ඔවුන් දෙදෙනා වයස අවුරුදු 31 සහ 32 යන වයස්වල පසුවන්නන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගෝනගංආර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join