කාශ්මීරයේ හදිසි ගංවතුරකින් මරණ 56 දක්වා ඉහළට

Report

උතුරු ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරයේ කිෂ්ට්වාර් දිස්ත්‍රික්කයේ ඊයේ (14) පස්වරුවේ ඇදහැළුණු හදිසි ධාරාණිපාත වර්ෂාවක් හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයෙන් මරණ සංඛ්‍යාව 56 දක්වා ඉහළ ගොස් ඇත.

එරට ආපදා කළමනාකරණ අංශ පවසන්නේ, තවත් 200කට අධික පිරිසක් අතුරුදහන් වී ඇති බවයි.

ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ, මෙම ප්‍රදේශයට පැයක් ඇතුළත මිලිමීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.

එකවර වැටුණු ධාරාණිපාත වැසි - 38ක් මරුට

එකවර වැටුණු ධාරාණිපාත වැසි - 38ක් මරුට

කිෂ්ට්වාර් හි පිහිටි හිමාලයානු මාතා චන්දි සිද්ධස්ථානය වැඳපුදා ගැනීමට යමින් සිටි බැතිමතුන් පිරිසක් මෙම හදිසි ගංවතුරට හසුව ඇත.

ගංවතුර ඇතිවන අවස්ථාවේ මෙම බැතිමතුන් පිරිසක් කඳුකර ප්‍රදේශයේ පිහිටි ප්‍රජා ශාලාවක එක්රැස්වී දිවා ආහාර ගනිමින් සිට ඇති අතර, හදිසියේ ඇතිවූ ජල ගැලීමත් සමග ඔවුන් ගසාගෙන ගොස් ඇත.

අද කාලගුණ අනාවැකිය දැනගන්න

අද කාලගුණ අනාවැකිය දැනගන්න

මීට සතියකට පමණ ඉහතදී උත්තරාකන්ද් ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශයක ඇතිවූ වැසි කුණාටුවකින් හටගත් හදිසි ජල ගැලීමකින් පුද්ගලයින් 100කට වැඩි පිරිසක් අතුරුදහන් වූ අතර, මෙය සතියක් තුළ හිමාලයානු කලාපයේ ඇතිවූ දෙවැනි ව්‍යසනය ලෙස සැලකේ. 

අද දිනයේ - ප්‍රවේශම සහ ඉවසිලිය ඔබේ බලය වේ

අද දිනයේ - ප්‍රවේශම සහ ඉවසිලිය ඔබේ බලය වේ