වෙඩි ප්‍රහාරයකින් තිදරු මවක් ජිවිතක්ෂයට..සැමිය සහ දරුවන් 99න් බේරෙයි.
Police
Murder
Mathugama
Sri lankan death
Death news
By Subodha
මතුගම - බාලිකා ප්‍රදේශයේදි සිදුවු වෙඩි තැබිමකින් තිදරු මවක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය සදහන් කලේ, පුද්ගලයන් දෙදෙනෙතු විසින් ඇය සිටි නිවසට පැමිණ ඊයේ රාත්‍රියේ මෙම වෙඩි තැබිම සිදුකර ඇති බවයි.
වෙඩි තැබිමෙන් ජිවිතක්ෂයට පත්වි තිබෙන්නේ 31 හැවිරිදි කාන්තාවක් වන අතර, ඇය සිය සැමියා සහ දරුවන් සමග සිටියදි යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එකවරම නිවසට ඇතුලු වී මෙම වෙඩි තැබිම සිදුකර තිබෙනවා.
ඒ අවස්ථාවේ සැමියා සහ දරුවන් කාමරයකට ගෙස් දිවි බේරාගෙන ඇති බවයි පොලිසිය සදහන් කරන්නේ.
පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබිම සිදුකර ඇති අතර, ඇයගේ ස්වාමි පුරුෂයා ඝාතනය සදහා සැකකරුවන් පැමිණ ඇති බව දැනට සිදු කරන පරික්ෂණ වලින් අනාවරණය වි ඇත.
T 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබිම සිදුකර ඇති අතර සිද්ධිය වු ස්ථානයේ තිබි උණ්ඩ කොපු 06ක් සොයාගෙන තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |