අවුරුදු 31 ක දීර්ඝ නඩු විභාගයක් - අවසානයේ ලැබුණ මහාධිකරණ නියෝගය..

Sri Lanka
By krishani Oct 10, 2023 06:07 PM GMT
krishani

krishani

Report

පුද්ගල ඝාතනයකට චෝදනා එල්ල වූ තිදෙනෙකුට කළුතර මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර ඇත.

එම නඩු විභාගයේ තීන්දුව කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ලබා දුන්නේ ය.

එමෙන්ම එම සිදුවීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකුට වසර 10 ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළේ ය.

1992 වර්ෂයේ දී මීගමවත්ත ජනපදය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු නවුන්තුදුව ප්‍රදේශයේ දී පොලු මුගුරුවලින් පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබුණේ ය.

ඒ අනුව අදාළ නඩුවේ 3, 4 සහ 5වන විත්තිකරුවන්ට මෙලෙස අධිකරණය විසින් මරණ දඬුවම නියම කළේ ය.

කෙසේ වෙතත්, එම ඝාතන සිද්ධියේ පළමු විත්තිකරුට බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ අතර මේ වන විට 2 වන සැකකරු මියගොස් තිබෙනවා.

ReeCha