උපන් දිනය දවසෙම, බැම්මක් කඩා වැටී දැරියක් මිය ගිය පාසලේ විදුහල්පතිගේ ඇසට හානි - පාසල් භූමියේ දී සිදු වුණ දේ මෙන්න.
Sri Lanka
Accident
Death
Sri Lankan Schools
By krishani
වැල්ලම්පිටිය, වේරගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ බැම්මක් කඩා වැටීමෙන් සිසුවියක් මියගොස් තවත් දරු දැරියන් 05 දෙනෙකු තුවාල ලැබීය.
එම සිද්ධියත් සමග උරණවු පිරිසක් විසින් අදාළ පාසලේ විදුහල්පතිවරයාට පහරදී තිබෙනවා.
එම සිදු වූ අනතුර සැලවීමත් සමග ඇති වූ කලබලකාරී තත්ත්වය සමග සිසු සිසුවියන් පිටතට යෑම වැළැක්වීම සඳහා විදුහල්පතිවරයා පාසලේ ගේට්ටුව වසා දැමීමට උපදෙස් දී ඇත.
ඊට උරණ වූ මව්පියන් පිරිසක් පාසලට පැමිණ විදුහල්පතිවරයාට පහර දී තිබෙනවා.
එහිදී පහරකෑමෙන් විදුහල්පතිවරයාගේ ඇසකට හානි සිදු වී ඇත.
කෙසේ වෙතත්, මේ වනවිට ඔහු අක්ෂි රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
මේ අතර විදුහල්පතිවරයාගේ උපන් දිනය ද අදට යෙදී ඇති බැවින් ඔහු ඒ වෙනුවෙන් ඔහු දරුදැරියන්ට ටොෆී හා ලොලිපොප් බෙදා දී තිබූ බව ද වාර්තා විය.
