වසර විසි හතරකට පසු ඝාතකයාට හිමි වූ මරණ දඬුවම ..
By Piyumika
ගාල්ල මහාධිකරණයේ විභාග වූ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එහි චුදිතට මරණ දඬුවම් ලබා දී තිබේ.
2000.02.06 වන දින ඉමදුව පොලිස් වසමේ කොරටුහේනගොඩ ප්‍රදේශයේදී අනවසර විදුලි රැහැන් ඇද චේතනාන්විතව පුද්ගලයෙකුට විදුලි සැර වැදීමට සලස්වා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් එම චුදිතට මරණ දඬුවම ලබා දී ඇත.
චූදිතයා වයස අවුරුදු 50ක් වන ඉමදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ගාල්ල මහාධිකරණයේ විභාග වූ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඊයේ (16) මෙම මරණ දඬුවම ලබා දුන් බව මරණ දඬුවම් ලබා දුන්බව පොලීසිය පවසයි.