ජංගම දුරකථනයෙන් අමුතු දේවල් පෙන්නා දැරියක් අපයෝජනයට පොළඹවාගත් අයෙක් අත්අඩංගුවට..
බෙන්තොට – හුංගන්තොට ප්‍රදේශයේ දී බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනය කළ බව කියන පුද්ගලයෙකු පොලිසිය මගින් ඊයේ (15) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 48 හැවිරිදි විවාහක පුද්ගලයෙකුය.
![මහින්ද රාජපක්ෂත් කිව්වා. ඒත් නාමල් ඇහුවේ නෑ.. . එතුමා උදේ නැගිටපු ගමන් වරුවක් නහයෙන් අඬනවා, කෙඳිරිගානවා..](https://cdn.ibcstack.com/article/bec7ba27-3f16-4ea6-b026-4e5903380212/24-670f3fb2593fd-sm.webp)
මහින්ද රාජපක්ෂත් කිව්වා. ඒත් නාමල් ඇහුවේ නෑ.. . එතුමා උදේ නැගිටපු ගමන් වරුවක් නහයෙන් අඬනවා, කෙඳිරිගානවා..
වින්දිත දැරියගේ පියා සිය දෙවැනි දරුවා අමතර පන්තියකට රැගෙන ගොස් මව ද නිවසේ නොසිටි අවස්ථාවේ මෙම සිදුවීම වී ඇතැයි දැරියගේ පියා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්.
සැකකාර පුද්ගලයා දැරියට විටින් විට විවිධාකාරයේ ජංගම දුරකථන දර්ශන නැරඹීමට ඉඩ සලස්වා ඇයට ළෙන්ගතුකමක් පෙන්වා ඒ ඇසිල්ලෙන් මෙලෙස දැරිය අපයෝජනය කිරීමට පොළඹවාගෙන ඇතැයි පරීක්ෂණ මගින් හෙළිදරවු වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රදේශයේ විහාරස්ථානවල ප්‍රධාන දායකයකු ලෙස ද පෙනී සිටිමින් කටයුතු කරන්නෙක් බවත් දැව ආශ්‍රිත ව්‍යාපාර කටයුතුවල නියුතු අයකු බවත් අනාවරණය වී ඇතැයි පැවසෙන්නේ.
සිද්ධියට මුහුණ පෑ වින්දිත දැරිය 14 හැවිරිදි වියෙහි පසුවන අයෙක් බවත්; ඇය මේ වනවිට බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු අද (16) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)