සිව් දෙනෙකුට මෙරට මහාධිකරණයකින් ලැබුණ මරණ දඬුවම - තවත් දෙදෙනෙකු සම්බන්ධයෙන් ද නියෝගයක්..

Sri Lanka
By krishani Sep 12, 2023 09:55 AM GMT
krishani

krishani

Report

තියුණු සහ මොට ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිව්දෙනෙකු චෝදනා ලැබ සිටියේ ය.

එලෙස චෝදනා ලැබූ විත්තිකරුවන් සිව්දෙනා වරදකරුවන් කරමින් ඔවුන්ට මරණ දඬුවම කළුතර මහාධිකරණය විසින් නියම කර තිබෙනවා.

සැකකරුවන් 07 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කළුතර මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා ගොනුකර තිබුණේ 1996 වසරේ ජනවාරි 02 වන දින කළුතර මදිනකන්ද ප්‍රදේශයේ දී තියුණු සහ මොට ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ තවත් අයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ය.

එම නඩුවේ 1,2,3 සහ 5 වන විත්තිකරුවන්ට මෙහිදී මරණ දඬුවම නියම කළේ ය.

එමෙන්ම 6 සහ 7 විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරන ලෙස මහාධිකරණ විනිසුරුවරයා මෙහිදී නියම කරනු ලැබීය.

එම නඩුවේ සිව්වන විත්තිකරු මියගොස් ඇති බවට මහාධිකරණයේ දී කරුණු අනාවරණ වු අතර දීර්ඝ නඩු විභාගයක් මෙම නඩුවට පැවතියේ ය.

එමෙන්ම සාක්කිකරුවන් 14 දෙනෙකුගෙන් සාක්කි කැඳවා තිබු අතර සිදුකළ දීර්ඝ නඩු විභාගයකින් පසු එම නඩුවේ විත්තිකරුවන් සිව්දෙනෙකු වරදකරුවන් කරමින් මෙම මරණ දඬුවම නියම කළේ ය.

ReeCha