1996 සිදුකළ සාහසික ඝාතනයකට 04 දෙනෙකුට මරණ දඬුවම නියම වෙයි..

CID - Sri Lanka Police Sri Lanka Police Department of Prisons Sri Lanka Death Prisons in Sri Lanka
By Aruna Sep 12, 2023 06:08 AM GMT
Aruna

Aruna

Report

තියුණු සහ මොට ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ විත්තිකරුවන් සිව්දෙනෙකු වරදකරුවන් කරමින් ඔවුන්ට මරණ දඬුවම නියම කර තිබෙනවා. ඒ කළුතර මහාධිකරණය විසිනි.

1996 වසරේ ජනවාරි 02වන දින කළුතර මදිනකන්ද ප්‍රදේශයේදී තියුණු සහ මොට ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ තවත් අයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 07 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කළුතර මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා ගොනුකර තිබුණා.

මහාධිකරණ විනිසුරුවරයා නියම කර තිබෙන්නේ, නඩුවේ 1,2,3 සහ 5 වන විත්තිකරුවන්ට මෙහිදී මරණ දඬුවම නියම කළ අතර 6 සහ 7 විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරන ලෙසයි.

එම නඩුවේ සිව්වන විත්තිකරු මේවන විටත් මියගොස් ඇති බවට මහාධිකරණයේදී කරුණු අනාවරණ වුණා.

දීර්ඝ නඩු විභාගයක් පැවති මෙම නඩුවේ සාක්කිකරුවන් 14 දෙනෙකුගෙන් සාක්කි කැඳවා තිබුණි.

ඒ අනුව ,කළුතර මහාධිකරණය විසින් ඔවුන්ට ඊයේ මරණ දඬුවම නියම කළේ, සිදුකළ දීර්ඝ නඩු විභාගයකින් පසු එම නඩුවේ විත්තිකරුවන් සිව්දෙනෙකු වරදකරුවන් කරමින්.


ReeCha