ඇත්තටම අවසන් කැමැත්ත වුණේ මොකක්ද?. මරණයට කලින්ම සොහොන හැදුව තෙවරප්පෙරුම.. (VIDEO)

Report

පාලිත තෙවරප්පෙරුම මහතා මෑත කාලයේ දී යළිත් මහත් ප්‍රසිද්ධියට පත් වූයේ මරණයට පෙරම තම සොහොන තමන් විසින්ම නිර්මාණය කර ගැනීම හේතුවෙන් ය.

ඇත්තටම අවසන් කැමැත්ත වුණේ මොකක්ද?. මරණයට කලින්ම සොහොන හැදුව තෙවරප්පෙරුම.. (VIDEO) | Death Palitha Thewarapperuma

ඒ වගේම ඔහුගේ අවසන් කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබඳව ද ඔහු විසින්ම දැනුම් දීමක් සිදුකර තිබුණේ ය.

ඒ අනුව, තමන් විසින්ම සැකසු සොහොනේ පැය 24 තුළ අවසන් කටයුතු සිදු කරන ලෙස ඒ මහතා කියා තිබුණේ ය.

ඒ සඳහා ලෑලිවලින් සකස් කළ සරල මිනි පෙට්ටියක් භාවිත කරන මෙන් ඉල්ලීමක් ද සමගයි.

තව ද, මිනි පෙට්ටිය කර තබා ගෙන යාම සඳහා පුද්ගලයින් 04 දෙනෙකු වෙන්කර තිබු අතර, එම අවස්ථාවේ භාවිත කළ යුතු ගීතයක් ද ඔහු විසින්ම නිර්මාණය කර තැබීම විශේෂත්වයක් වේ.

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව තහවුරු වෙයි.. සම්පූර්ණ විස්තරය මෙන්න.

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව තහවුරු වෙයි.. සම්පූර්ණ විස්තරය මෙන්න.


ඒ මහතාගේ මෙම අවසන් ඉල්ලිම් ක්‍රියාත්මක කිරීම පිළිබද පවුලේ ඥාතීන් තවමත් එකගතාවයකට පැමිණ නොමැති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, ඒ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු ලබන සිකුරාදා මතුගම යටදොල වත්ත ප්‍රදේශයේ දී සිදු කිරීමට නියමිතයි.

වීඩියෝ දර්ශන - The Life Traveler