පාලිත තෙවරප්පෙරුමගේ හදිසි මරණය ගැන එළියට ආ තවත් තොරතුරු මෙන්න.
අද (16) පස්වරුවේ දී හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා අභාවප්‍රාප්ත විය.
ඒ මහතා මෙලෙස මියගොස් ඇත්තේ කිසියම් කටයුත්තක නිරත වෙමින් සිටිය දී විදුලිසැර වැදීමකින් ය.
මේ වන විට ඒ මහතාගේ දේහය කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙනවා.
කෙසේ වෙතත්, පාලිත තෙවරප්පෙරුම මහතාගේ වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයෙකු වන අරුන් තෙවරප්පෙරුම සිද්ධිය පැහැදිලි කළේ මෙලෙසින් ය.
"ඔහුගේ පුද්ගලික වත්තේ පොහොර දමමින් වැඩ කර කර හිටියේ. ඒ වත්තේ ආලෝකය සඳහා තැනින් තැනට විදුලිය ලබාගෙන තිබෙනවා. නොදැනුවත්වම බිම තිබුණු එකක් පෑගිලා විදුලි සැර වැදිලා වැටිලා තිබෙනවා.එතන හිටපු සේවකයෝ ඔහුව රෝහලට රැගෙන ගිහින් තිබුණා. දුරත් එක්ක රෝහලට ගේන්න විනාඩි 40ක් විතර ගියා."
යනුවෙන් ය.