පොල් කඩන්න අඩි 60ක විතර උස පොල් ගහකට නැග්ග තිදරු පියා - ගහ උඩම නිසොල්මනේ ඉඳලා.. අවසානයේ සිදු වෙලා තියෙන සංවේදී ඉරණම..
Sri Lanka
Death
By krishani
පොල් කැඩිමේ වෘත්තීයේ නියැලී සිටි පුද්ගලයෙක් පොල් කැඩීමට පොල් ගසකට නැග ආපසු පොල් ගසෙන් බසිමින් සිටිය දී පොල් ගස උඩ වාඩි වී සිටින අයුරින් සිට තිබෙනවා.
එහිදී ඔහු හිටි හැටියේම මියගොස් ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ පොකුනුවිට වැලිකල ප්‍රදේශයේ පදිංචිව සිටි පී.ඒ. සංජය ප්‍රියංකර නමැති 39 හැවිරිදි තිදරු පියෙක් ය.
ඔහු පොකුණුවිට වැලිකල තිබ්බොටුගොඩ ප්‍රදේශයේ වත්තක අඩි 60 ක පමණ උසින් යුත් පොල් ගසකට නැග ඇත.
එහිදී පොල් කඩා යළි බිමට බසිමින් සිටිය දී මෙම අවාසනාවන්ත මරණය සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
