තරුණයෙකුගේ මළසිරුරක් ගල්තලාවකින් හමු වෙයි..

Sri Lanka Police Sri Lanka
By krishani Mar 05, 2023 05:26 AM GMT
krishani

krishani

Report

පසුගිය 3 වනදා මහඔය - නුවරගලතැන්න රක්ෂිතයේ විනෝද චාරිකාවක් ගොස් සිටිය දී අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර හමු වූ බව පොලීසිය පවසයි.

එම විනෝද චාරිකාව සඳහා ගොස් සිටි පුද්ගලයින් 08 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකින් එක් අයෙකු අතුරුදන් විය.

මෙම පිරිස රාත්‍රී කාලයේ දී විනෝදවීමෙන් පසු අළුයම් කාලයේ රක්ෂිතය තුළම නින්දට ගොස් ඇත.

පසු දින අවදී වී සොයා බැලීමේ දී අදාළ පුද්ගලයා නොසිටි බැවින් 118 දුරකථන අංකය අමතා ඒ පිළිබඳ දැනුම් දී ඇති අතර පොලීසිය සිදුකළ සෝදිසි කිරීම්වල දී අදාළ පුද්ගලයාගේ සිරුර මෙම පිරිස රාත්‍රිය ගතකළ ස්ථානය ආසන්නයේ පිහිටා ඇති ගල්තලාවක පහළ ප්‍රදේශයේ තිබී හමු ව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි උහන කුමාරිගම ප්‍රදේශයේ පදිංචිව සිටි මහඔය ජල සම්පාදන මණ්ඩලයේ කළමනාකාර සහකාරවරයෙකු වේ.

මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේම ඇති අතර අද (05) මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join