සිය සහෝදරයාගේ නිවසේ ආරවුලකට මැදි වුන සහෝදරයා ජිවිතක්ෂයට - තවත් පුද්ගලයන් දෙදෙනෙක් රෝහල්ගත කරලා.
දවුලගල - හන්දෙස්ස ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව වාර්තා වේ.
අදාළ පුද්ගලයා සිය සහෝදරයාගේ නිවසට පැමිණි අවස්ථාවක දී එම නිවැසියන් සහ අසල්වැසි නිවසක පිරිසක් අතර සිදු වූ ආරවුලක් දුරදිග යාමෙන් හටගත් ගැටුමක් අතරතුර තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇත්තේ.
මියගොස් ඇත්තේ 32 හැවිරිදි වියේ පසු වූ දවුලගල හන්දෙස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර එහිදී තුවාල ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු මහනුවර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
ඝාතනයට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට දවුලගල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න.යන ඔබට වාසි රැසක්. |