සැක කටයුතු මරණයක්..
Sri Lanka Police
Sri Lanka
By krishani
ඊයේ (05) උදෑසන ඇරෑපොළ - පලුවැල්ල ප්‍රදේශයේ කාණුවක තිබී පුද්ගල මළ සිරුරක් හමුව තිබේ.
එසේ මියගොස් ඇත්‌තේ, 59 හැවිරිදි පලුනැල්ල, නාරංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මරණකරු රාත්‍රී මත්පැන් සාදයකට සහභාගී වී අලුයම් කාලයේ නිවසට යන බවට පවසා පැමිණ ඇත.
මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා කුලියාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
ඇරෑපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.