ගල් බෝරයක් ජිවිතයකට කළ සංවේදී සිදුවීමක්..

Sri Lanka
By krishani Aug 07, 2022 05:34 AM GMT
krishani

krishani

Report

නිවස ආසන්නයේ තිබූ ගලක් කඩා ඉවත් කිරීමට උත්සහ කළ පුද්ගලයෙක් ගල් බෝරයක් පිපිරී අනතුරකට ලක්ව මියගොස් තිබෙන අතර මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල අලව්ව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙකී.

ගල් බෝරය සිර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව තිබූ අතර, බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා අලව්ව රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

පොලීසිය සිදුකළ විමර්ෂණවලදී අනාවරණයවී ඇත්තේ ගල කැඩීම සඳහා රතිඤ්ඤා වෙඩි බෙහෙත් යොදාගෙන තිබූ බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha