පෙරළී ගිය ධීවර යාත්‍රාවක් නිසා ජිවිතයක් අහිමි වෙයි.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
Accident
Death
By krishani
ඊයේ (20) වාද්දුව – තල්පිටිය මුහුදු සීමාවේ දී මාළු ඇල්ලීමට ධීවර යාත්‍රාවක ගිය පුද්ගලයන් දෙදෙනෙකු යාත්‍රාව පෙරළීයාමෙන් දියේ ගිලී තිබෙනවා.
ඉන් එක් අයෙකු මියගොස් ඇති අතර ධීවර යාත්‍රාව රළ පහරට අසුවීමෙන් අනතුර සිදුව තිබෙනවා.
එහි අනෙක් පුද්ගලයාව වෙරළේ ධීවර කටයුතුවල යෙදී සිටි පිරිසක් බේරාගෙන ඇති අතර මියගිය පුද්ගලයා 41 හැවිරිදි වේරගම වාද්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වාද්දුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
