පුද්ගලයෙක් එකවරම අතුරුදන් වෙලා - මළසිරුර පාලු පොල් වත්තකින් හමු වෙලා.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Death
By krishani Sep 17, 2023 06:24 PM GMT
krishani

krishani

Report

අද (17) තරුණයෙකුගේ මළසිරුරක් පොල් වත්තකින් හමු වී තිබෙනවා.

ඒ දින තුනක් තිස්සේ මුලතිව් - පුදුකුඩීඉරිප්පු, කෝම්බාවිල් ප්‍රදේශයේ අතුරුදහන්ව සිටි තරුණයෙකුගේ ය 

එම තරුණයා අතුරුදහන් වි ඇති බවට ඔහුගේ පවුලේ ඥාතීන් විසින් 15 දා මුලතිව් පුදුකුඩීඉරිප්පු පොලීසියට පැමීණිලි කර තිබෙනවා.

ඔහු පිළිබඳ ප්‍රදේශවාසීන් එකතුව සොයා බැලීමේ දී මෙම මළ සිරුර හමු වී තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ කෝම්බාවිල් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි රාසලිංගම් සුදර්ශන් නැමති අයෙක් ය.

ඔහු මියයාමට හේතුව අනාවරණය වී නොමැති අතර පුදුකුඩීඉරිප්පු පොලීසිය පවසන්නේ මියගිය අයගේ සිරුරේ තුවාල කිපයක් ඇති බවත් ඒ හේතුවෙන් මේ මරණය ඝාතනයක් විය හැකි බවත් ය.

කෙසේ වෙතත්, මුලතිව් පුදුකුඩීඉරිප්පු පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ReeCha