තිදරු පියෙක් අභිරහස් ලෙස මියගිය පුවතක් - ගඟේ පාවෙමින් තිබිය දී හොයාගනී.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
Death
By krishani
ඊයේ (24) සවස, කැස්බෑව ජඹුරලිය බොල්ගොඩ ගඟ අසල එළවළු කොරටුවක වැඩ කරමින් සිටිය දී පුද්ගලයෙක් අතුරුදක් වී තිබෙනවා.
එම පුද්ගලයාගේ මළ සිරුර බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබිය දී හමු වී ඇත.
එලෙස මියගොස් තිබුණේ කැස්බෑව ජඹුරලිය පදිංචිව සිටි අනුර රෝහිත නැමැති 49 හැවිරිදි තිදරු පියෙක් ය.
පොලිසිය සඳහන් කළේ, ඔහුගේ කොරටුවේ වැඩ කරමින් සිටිය දී යාබඳ කොරටුවේ පුද්ගලයා මාර්ගයට පිවිසීමේ දී ඔහුට දුම්වැටියක් මිලදී ගෙන එන ලෙස පවසා ඇති බවයි.
ඔහු පොලිසිය පවසා ඇත්තේ, දුම්වැටිය රැගෙන එන අවස්ථාවේ දී මියගිය එම පුද්ගලයා එම ස්ථානයේ නොසිටි ඇති බවයි.
මියගිය පුද්ගලයා පැලඳ සිටි තොප්පිය සහ කොරටුවේ වැඩකටයුතු සඳහා යොදාගත් පිහියක් කොරටුව තුළ තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.
කෙසේවෙතත්, මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.