පියාගෙ මරණ සහතිකය ගන්න ගිය පුතා හීනෙකින්වත් හිතන්න නැතුව ඇති ඔහුගේම මරණ සහතිකය මෙහෙම ලියැවෙයි කියලා - නොහිතපු වෙලාවක වුණ හද කම්පා කරන පුවතක්.

Report

හදිසි අසනීප තත්ත්ව‍යක් හේතුවෙන් මිය ගිය තම පියාගේ අවසන් කටයුතු සිදුකිරීමට මරණ සහතිකය ලබා ගැනීමට ගිය පුතෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් විය.

මෙම පුවත වාර්තා වන්නේ බුලත්සිංහල ප්‍රදේශයෙන් ය.

ඔහු සිය පියාගේ මරණ සහතිකය ලබා ගැනීමට යතුරු පැදියෙන් බුලත්සිංහල සිට හොරණ දෙසට ගමන් කර ඇත.

එහිදී යතුරුපැදිය විදුලි කණුවක ගැටී තිබෙනවා.

මෙලෙස සිදු වූ අනතුරින් ජීවිතක්ෂයට පත් වූයේ වයස අවුරුදු 21ක තරුණයෙක් ය.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන්  වැඩිදුර පරික්ෂණ බුලත්සිංහල පොලීසිය විසින් සිදුකරනු ලබයි.