කෝසල ජයවීරගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය පිළිබඳ දැනුම්දීමක්

Parliament of Sri Lanka Sri Lanka Politician Current Political Scenario National People's Power - NPP
By Shehan Apr 08, 2025 06:36 AM GMT
Shehan

Shehan

Report

කෝසල නුවන් ජයවීර මහතාගේ අභාවය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී ඇති බව පාර්ලිමේන්තුව විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.

ජාතික ජනබලවේගය නියෝජනය කළ කෑගල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතාගේ අභාවය නිසා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(අ) වගන්තියේ විධිවිධාන අනුව, 2025 අප්‍රේල් 06 වැනිදා සිට 10වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් උද්ගත වී ඇති බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් චමින්ද කුලරත්න මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට දන්වා ඇත.

නාමල්, අභාවප්‍රාප්ත මාලිමා මන්ත්‍රීට අවසන් ගෞරව පුදයි

නාමල්, අභාවප්‍රාප්ත මාලිමා මන්ත්‍රීට අවසන් ගෞරව පුදයි

1988 අංක 35 දරන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනතින් සංශෝධිත 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තියට අනුව මෙම දැනුම්දීම සිදු කර තිබේ.

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කෝසල නුවන් ජයවීර මහතා පෙරේදා (06) අභාවප්‍රාප්ත වූ අතර, ඔහු මිය යන විට වයස අවුරුදු 38ක් විය.

ජනපතිගෙන් මන්ත්‍රී කෝසල නුවන්ගේ අභාවයට සංවේදී සටහනක්

ජනපතිගෙන් මන්ත්‍රී කෝසල නුවන්ගේ අභාවයට සංවේදී සටහනක්




Gallery
ReeCha