සුඛෝපභෝගී හෝටලයේ අබිරහස් ලෙස මියගිය චීන ජාතිකයාගේ මරණයට අධිකරණයෙන් නියෝගයක්
Sri Lanka Police
China
Crime
By Gagana News
කොම්පඤ්ඤවීදියේ පිහිටි සුපිරි සුඛෝපභෝගී හෝටලයක 22 මහලේ කාමරයක නවාතැන් ගෙන මියගොස් සිටි චීන ජාතික සූ චෙන්ග් ගැන්ග්(Shu Cheng Gang) නමැති පුද්ගලයාගේ මරණ පරීක්ෂණය සිදුකර අධිකරණ වාර්තාවක් ගොනු කරන්න යැයි කොටුව වැඩ බලන මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චි කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ලබන මාර්තු 03 වනදා නඩුව යළි කැඳවන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
අදාළ චීන ජාතිකයා මෙරට සමාගමක සේවයේ නිරත වී ඇති අතර ඔහු සමඟ තවත් චීන ජාතිකයින් පිරිසක් හෝටලය තුළ රැදී සිට ඇති බව වාර්තා වේ.
