ළමුන් 66කට මරු කැඳ වූ කැස්ස සිරප් ගැන නවතම තොරතුරු රැසක්..

By krishani Oct 12, 2022 08:33 AM GMT
krishani

krishani

Report

ආනයනික ඉන්දියානු කැස්ස සිරප් වර්ග හතරක් නිසා ගැම්බියාවේ සිදුවූවා යැයි සැකකෙරෙන ළමුන් 66 දෙනෙකුගේ මරණ සම්බන්ධයෙන් විමර්ශන තවමත් සිදුකෙරෙමින් පවතියි.

ඉන්දීය බලධාරීන් සහ කැස්ස සිරප් නිෂ්පාදකයා පවසන්නේ මෙම සිරප් අපනයනය කර ඇත්තේ ගැම්බියාවට පමණක් බවයි.

පසුගිය සතියේ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මෙම කැස්ස සිරප් වර්ග හතර සම්බන්ධයෙන් ගෝලීය අනතුරු ඇඟවීමක් නිකුත් කරනු ලැබු අතර ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ එම සිරප් වල රසායනාගාර විශ්ලේෂණවලට අනුව ඒවායේ පිළිගත නොහැකි රසායනික ද්‍රව්‍ය අඩංගු බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join



ReeCha