අනියම් සබඳතාවයක් මරණයකින් කෙළවර වෙයි..

By Aruna Jan 18, 2025 03:58 AM GMT
Report

කාලයේ කඹුරුපිටිය පොලිස් වසමේ රන්සෑගොඩ ප්‍රදේශයේ නිවසක ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධකින් පහරදී පුද්ගලයෙකු මියගොස් ඇති බවට කඹුරුපිටිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

තම ලෙයින් උපන් බිලිඳාට මවක් කළ අහස පොළොව නුහුලන අපරාදය..සංවේදී පුවතක්.

තම ලෙයින් උපන් බිලිඳාට මවක් කළ අහස පොළොව නුහුලන අපරාදය..සංවේදී පුවතක්.


මරණකරු වයස අවුරුදු 65 ක් වන කොස්ගහහේන, රන්සෑගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අපරාධය සිදු වූ නිවසෙහි හිමිකාරියගේ ස්වාමිපුරුෂයා විදේශගතව සිටින අතර ඇය කලක සිට එම ප්‍රදේශයේ පදිංචි අපරාධය සිදුකල සැකකරු සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත. 17 වන දින මොවුන් දෙදෙනා අතර ආරවුලක් ඇති වී ඇති අතර එම ආරවුල බේරීමට නිවසේ සිටි සේවකයෙකු (මරණකරු) හා අසල්වැසි නිවසක පදිංචි කාන්තාවක් මැදිහත්වීමේදී සැකකරු විසින් ඔහුගේ ඉනේ සඟවා තිබූ තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් පිරිමි පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇත.

නිවසේ හිමිකාරිය හා අසල්වැසි කාන්තාව බරපතල තුවාල ලබා තිබෙන බවට වාර්තා වනවා.


මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කඹුරුපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

කඹුරුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.

You May Like This Video