මුණුබුරාට එල්ල කළ කිතුල් පොලු පහරින් සීයා මිය යයි..
Police spokesman
Accident
Murder
By Aruna
කිතුල්පොලු පහරක් හිසට එල්ල වීමෙන් වයෝවෘද්ධ පුද්ගලයෙකු මියගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ අඟුරුවාතොට හල්තොට පෙතිගමුව ප්රදේශයේ පදිංචිව සිටි තඹවිටගේ ආරොන්සිඥෝ නමැති 82 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා හා 26 හැවිරිදි මුනුබුරා නිවසේ සිටියදී යාබද නිවසක සිටි පුද්ගලයන් දෙදෙනකු යකඩ පොල්ලක් හා කිතුල් පොල්ලක් රැගෙන විත් මුනුබුරා ට පහර දීමට තැත් කිරීමේ එය වැලැක්වීම සඳහා ඉදිරියට පැමිණි වයෝවෘද්ධ පුද්ගලයා වෙත කිතුල් පොලු පහර එල්ල වී ඇතැයි විමර්ශනවලදී වනාවරණය වී ඇත.
මියගිය පුද්ගලයාගේ මුණුපුරා ප්රදේශයේ පැවති අවමගුල් නිවසකදී පුද්ගලයකුට පහර දීමේ සිද්ධියකට ඔහුට පහර දීම සඳහා නිවස වෙත පැමිණි අවස්ථාවේදී මෙම සිද්ධිය වී ඇතැයි පොලිසිය කියයි